අයිරා ඛාන් ගේ ආදරවන්තයා

ආමීර් ඛාන් ගේ පෙර විවාහයේ දියණිය අයිරා ඛාන් පසු ගිය ආදරවන්තයන්ගේ දිනයේදී සිය ආදරවන්තයා නූපුර් ශිඛාරේ සමඟ ගන්නා ලද ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට නිකුත් කර තිබිණි. ඔහු විසින් ඇයට තෑගි දෙන ලද අතින් සාදන ලද රෝස මල් පොකුරක් සහ හදවත් හැඩැති බැලූන් කිහිපයක ඡායාරූප ද ඒ සමඟ විය.
24 හැවිරිදි අයිරා වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරියකි. ඇය කායවර්ධන උපදේශකවරයෙකු වන නූපුර් සමඟ සම්බන්ධය අරඹා සෑහෙන කලක් වුණත් එය ප්‍රසිද්ධියට පත් කර තිබුණේ මෑතකදීය. වර්තාවල කියැවෙන පරිදි එය ඇරඹී ඇත්තේ පසු ගිය ලොක්ඩවුන් සමයේදීය. නූපුර්,  ආමීර්ගේ පමණක් නොව සුෂ්මිතා සෙන්ගේත් කායවර්ධන උපදේශකවරයා ලෙස වසර ගණනාවක් කටයුතු කර තිබේ.

මේ මෑතකදී අයිරා ගේ ඥාති සහෝදරියගේ විවාහ මංගලෝත්සවය ආලියාබාග්හිදී පැවැත්විණි. අයිරා සහ පවුලේ අය සමඟ නූපූර් ද එයට සහභාගි වූයේය. ආමීර් ඔහුගේ දෙවන බිරිඳ කිරාන් සහ පුතුත් සමඟ එයට සහභාගි වී සිටියේය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

තමා විශාදයෙන් පෙළෙන බවත්, එයට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා බවත් මින් පෙර අයිරා මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි. ඇයට වුවමනා වී තිබුණේ විශාද තත්වයෙන් පෙළෙන අයට එය ප්‍රතිකාර ගත යුතුම රෝගී තත්වයක් බවට පණිවිඩය ලබා දෙන්නටය. ඇගේ ඥාති සහෝදරියගේ විවාහ මංගල උත්සව අවස්ථාවේදී නැවතත්  ඇයට විශාද තත්වය මතු වී තිබේ.

“හිනා වෙලා පින්තූරවලට පෙනී හිටියත් ඇත්තටම මට ඕන වෙලා තිබුණේ ඇඳක වැතිරිලා කෑ ගහලා අඬන්න..”
ඇය ප්‍රකාශ කර තිබිණි.