හිමාලයේ හිම දිය වීම ගැන දුක් වෙන බොලිවුඩ් තරු
කොවිඞ් වසංගතයෙන් පීඩා විඳින ඉන්දියානු ජනතාවට පසු ගියදා මුහුණ දෙන්නට සිදු වුණේ ගහෙන් වැටුණ මිනිසාට ගොනා ඇන්නාක් වැනි තවත් විපත්තියකටය. හිම කන්දක් නාය යාම හේතුවෙන් උත්තරාකන්ද් ප්‍රාන්තයේ චාමෝලි දිස්ත්‍රික්කයේ ගංගා දෙකක් වන අලක්නන්දා සහ දවුලිගංගා පිටාර ගැලීමට පටන් ්ගත්තේය. ඉන් බොහෝ දෙනෙක් මියගිය අතර අතුරුදන් වූ ගණන ද විශාලය.
ඉන්දියාවේ උතුරු කොනේ පිහිටා ඇති උත්තරාකන්ද් ප්‍රාන්තය දේව භූමිය ලෙසින් ද හැඳින්වෙයි. බොහෝ හින්දු කෝවිල් සහ පූජනීය ස්ථාන රැසක් ප්‍රාන්තය පුරා විසිරී තිබෙන්නේය. ස්වභාව සෞන්දර්යයෙන් ද අනූන මෙය පිහිටා ඇත්තේ හිමාල කන්ද ආසන්නයේය. එක් සීමාවක් වන්නේ ටිබෙටයයි. අනෙක් සීමාව නේපාලයයි.
මේ බිහිසුණු විපත්තිය ඇසූ විට බොලිවුඞ් ක්f්ෂ්ත්රයේ අය ද කැළඹීමට පත් වූයේය. ඔවුහු විපතට පත් වූ අය වෙනුවෙන් යාඥා කළ අතර ඔවුන්ට ආධාර කරන්නට ද ඉදිරිපත් වූහ. ප්‍රියංකා චොප්රා ජෝනාස් මේ අතරින් විශේෂය. සමාජ මාධ්‍ය ජාලාවල ක්‍රියාකාරි සාමාජිකාවක වන ඇය විපතට පත් වූ අය වෙනුවෙන් ශෝකය පළ කර ප්‍රකාශයක් නිකුත් කර තිබුණා පමණක් නොව ආධාර වුවමනා අයට ඒවා ඉල්ලීම සඳහා අදාළ ආයතනවල දුරකථන අංක ද පළ කර තිබිණි.
ඔවුන් වෙනුවෙන් යාඥා කරන අය අතර කරීනා කපූර් ඛාන්, ක්‍රිති සැනොන්, ආක්ෂේ කුමාර්, අජේ දේව්ගන්, ආලියා භාත් ඇතුළු බොහෝ දෙනෙක් සිටින්නේය.