ගානියාට අධිචෝදනා භාරදෙයි

කිසියම් පිරිසක් විසින් තමන්ව පැහැරගෙන ගොස් ලිංගික හිරිහැර කළ බවට අසත්‍ය පැමිණිල්ලක් සිදුකළේ යැයි චෝදනා එල්ල වී සිටින කොළඹ පිහිටි ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනි ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නැමැත්තියට අද (09) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාරදෙනු ලැබීය.

එම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නැමැත්තිය අධිකරණය හමුවේ පෙනී සිටියාය.ඉන් අනතුරුව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධිචෝදනා පත්‍ර විත්තිකාරියට භාරදීම සිදු කෙරුණි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

අනතුරුව විත්තිකාරිය පෙර ඇප මත මුදා හැරීමටත් අධිකරණය නියම කළේය.

අනතුරුව නඩුව ජුනි මස 4 වනදා කැඳවීමට ද නියම කෙරුණු අතර එදින විත්තිකාරිය අධිචෝදනා පත්‍ර කියවා දී නඩු විභාගය සඳහා දින නියම කිරීමට නියමිතය.