දැරියකට අතවර කළ දෙදරු පියාට 34 වසරක සිරදඬුවම්

බාල වයස්කාර දැරියකට ලිංගික අතවර කිරීමේ චෝදනාවට අධිකරණයෙන් වරදකරු වූ දෙදරු පියකුට බරපතළ වැඩ සහිත වසර 34ක සිරදඬුවම් නියමකර තිබේ.

එම සිරදඬුවම වසර 15කින් ගෙවීයායුතු බවත් කොළඹ මහාධිකරණය නියෝග කර ඇති බව සඳහන් ය. මීට අමතරව විත්ති කරුට රුපියල් 10,000ක දඩයක් නියම කර ඇති අතර වින්දිත දැරිය වෙනුවෙන් රුපියල් ලක්ෂ 02ක වන්දියක් ලබාදෙන ලෙස නියෝග කර ඇත.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

අදාළ දඩ මුදල සහ වන්දි මුදල පැහැර හරිනු ලැබුව හොත් තවත් අමතර වසර 05ක ලිහිල් සිර දඬුවම් නියම කර ඇත.

අසල්වැසි නිවසක බාල වයස්කාර දැරියක එම දෙදෙරු පියාගේ නිවසට පැමිණි අවස්ථාවේ තම දැරිය අසල වෙළඳසැලකට යවා යාබද නිවසේ දැරිය නාන කාමරයට රැගෙන ගොස් ලිංගික අතවර කලේ යයි නීතිපතිවරයා විසින් නඩුව ගොනුකර තිබුණි.