කටුනායක ගුවන් තොටුපලේ සේවකයෙකුට කොරෝනා
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පිරිසිදු කිරීමේ අංශයේ සේවය කළ කාන්තාවකට කොරෝනා ආසාදනයක් ඇති බව හඳුනාගෙන තිබේ.
ගුවන්තොටුපල හා ගුවන් සේවා අංශයේ සභාපති මේජර් ජෙනරාල් ජීඒ චන්ද්‍රසිරි මහතා මේ බව තහවුරු කළේය.
හලාවත පදිංචි 50 හැවිරිදි කාන්තාවක් ඊයේ (06) අසනීපයක් හේතුවෙන් මිගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු PCR පරීක්ෂණවලට භාජනය විය.
මෙම කාන්තාවට කොරෝනා වයිරස් ඇති බව හඳුනා ගන්නා ලදී.
වැඩිදුර ප්‍රතිකාර සඳහා මෙම කාන්තාව කොළඹ IDH රෝහලට මාරු කර යවා තිබේ.