මන්ත්‍රී මධුර විතානගේ ට ලැබුණු විශේෂ අවසරය

පාර්ලිමේන්තුවට බෝට්ටුවෙන් පැමිණීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා කළ ඉල්ලීමට කථානායකවරයාගේ අවසරය හිමි වී තිබේ.

ඉතිහාසයේ පළමුවරට එලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට නිල වශයෙන් අවසරය හිමිවු බව මධූර විතානගේ මහතා පැවසීය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එමෙන්ම ඉදිරියේ දී කොළඹ නගරයේ වාහන තදබදයට විසඳුමක් ලෙස මෙය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ද ඒ මහතා කියාසිටියේය.

මේ පිළිබඳ අදහස් දැක්වු මන්ත්‍රී මධුර විතානගේ මහතා,

“ ලංකාවේ පළවෙනි වතාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් බෝට්ටුවෙන් පාර්ලිමෙන්තුවට යන දවස අද. මම පසුගිය මංගල සැසිවාරයේ දී පාර්ලිමේන්තුවට ගියා නිල නොවන විදියට. නමුත් අද දින සියලු නීතිවලට අනුකූලව ජල මාර්ගයෙන් ගමන් කරන ප්‍රතිපත්තිය අනුව පාර්ලිමේන්තුවට පිටත් වුණා. මම බලාපොරොත්තු වෙන්නේ මෙයින් ජලය මඟින් ප්‍රවාහන කටයුතු ප්‍රවර්ධනය කිරීම.“