සෝනු සූඩ් ගේ සත්ක්‍රියාව

හිම කන්දක් නාය යාම හේතුවෙන් උත්තරාකන්ද් ප්‍රාන්තයේ සිදු වූ ඛේදවාචකය හැම දෙනාගේම සිත් සසල කරන්නට සමත් විණි. බොහෝ සංවේදී සිතැත්තෝ විපතට පත් වූවන්ට උදව් කරන්නට පෙළඹුණහ. නළුවෙකු, නිෂ්පාදකයෙකු මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස ද නම් දරා සිටින සෝනු සූඞ් ද මේ අතර සිටින්නේය.
මේ විපතින් මිය ගිය 45 හැවිරිදි අලාම් පුන්ඩීර් ගේ අසරණ දියණියන් සිව් දෙනාට පිහිට වෙන්නට ඔහු ඉදිරිපත්ව සිටින්නේය.  මීට පෙර ද ඔහු එවන් සත් ක්‍රියාවන් කර තිබේ. ඔහු තවමත් විපතට පත් ප්‍රදේශයට ගොස් නැති අතර ළඟදීම යන්නට බලාපොරොත්තුවෙන් සිටින්නේය. ඔහු මේ දරුවන් ගැන දැනගෙන තිබෙන්නේ සහන කණ්ඩායම් වෙතිනි.