රන්ජන්ගේ නිවාඩු ඉල්ලීම භාර ගන්න නොහැකි බව කථානායක කියයි

වසර 04ක කාලයකට බරපතල වැඩ ඇතිව සිර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට පාර්ලිමේන්තුව මාස තුනකට නිවාඩු ඉල්ලීමේ යෝජනාව අද ප්‍රතික්ෂේප කර තිබෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබූ අතර කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් එය ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දඬුවම් ලබාදී ඇති මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවට කැඳවීමට තමා හැකියාවක් නැති බවයි. එම මන්ත්‍රීවරයා වෙනුවෙන් නිවාඩු යෝජනා භාර ගත නොහැකි බවද කථානායකවරයා පැවසුවා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් වන අභියාචනාධිකරණ නඩුව මෙම මස 16 වෙනිදා විභාගයට ගැනීමට නියමිත බවත් එදිනට මෙම සිදුවීම සම්බන්ධයෙන් තීන්දුවක් ලැබෙනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි කථානායකවරයා ප්‍රකාශ කර සිටියා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මාස තුනක කාලායක් පාර්ලිමේන්තුවට නොපැමිණියහොත් ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසි වන අතර ඒ අනුව රාමනායක මන්ත්‍රීවරයාගේ ද මන්ත්‍රීධුරය අහෝසි වීමට නියමිතව තිබේ.