ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනාවක්
මෙරට සහල් මිල තීරණය කිරීමේ බලය මහා පරිමාණ මෝල් හිමියන් කිහිප දෙනෙකුට හිමිවන්නේ නම් එහි වගකීම වෙළඳ සහ කෘෂිකර්ම අමාත්‍යවරුන් භාර ගත යුතු බව ජාතික ගොවිජන එකමුතුව පවසනවා.
එහි සභාපති අනුරාධ තෙන්නකෝන් කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ සහල් මිලෙහි විකෘතියක් ඇතිවීම පිටුපස වෙළඳ අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් ද සිටින බවයි.