ගුරුවරුන් නොමැතිව ආභාවයට ගිය පූක්කුලම පාසල

පාසලක් තිබුණද ගුරුවරුන් නොමැති පූක්කුලම ධීවර ගම්මානය පිළිබඳවයි අද රතු මිනිත්තුව

විජය කුමරු ගොඩබැසි තම්මැන්නාව එසේත් නැතිනම් කුදිරමලේ කන්ද පාමුල පිහිටා ඇති පූක්කුලමට ගම්මානයයි මේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

පුත්තලම දිස්ත්‍රික්කයට අයත් පූක්කුලම ගම්මානයේ වෙසෙන බහුතරයකගේ ප්‍රධාන ජීවනෝපාය ධීවර කර්මාන්තයයි.

මෙම ගම්මානයේ පවුල් 150කට ආසන්න ප්‍රමාණයක් ස්ථීර පදිංචිව සිටියද යටිතල පහසුකම් කිසිවක් සම්පූර්ණ වී නැහැ.

මෙම ගම්මානයට එල්ලවූ ත්‍රස්තවාදී ගැටුම් හේතුවෙන් ගම්වැසියන් සිය ගම්බිම් අතහැර දමා වෙනත් පළාතකට ගියද තම සුපුරුදු ජීවනෝපාය කරගෙන යාමට අවශ්‍ය වූ ඔවුන් නැවත පූක්කුලම බලා පැමිණ තිබෙනවා.

පාසල් යන වයසේ දරුවන් 50කට ආසන්න පිරිසක් මෙම ගම්මානයේ සිටිය ද ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට ඇත්තේ ගුරුවරුන් නොමැති පාසල් ගොඩනැගිල්ලක් පමණයි.

එල්.ටී.ටී.ඊ. ප්‍රහාර හමුවේ ගම්මානයේ පිහිටි දේවස්ථානයටද හානි සිදු වී ඇති අතර ගම්වැසියන් පානීය ජල ගැටළුවකට මුහුණ දී සිටිනවා.

කුප්පි ලාම්පු එළියෙන් සිය ජීවිතය ගැට ගසාගෙන යන මෙම ගම්වැසියන්ට වැසිකිලි පහසුකම් මෙන්ම ප්‍රවාහන පහසුකම්ද නැහැ.

යටිතල පහසුකම් හේ සම්පූර්ණ වී නොමැති පූක්කුලම ගම්මානයේ වැසියන් පිළිබඳ බලධාරීන්ගේ අවධානය යොමු වන තෙක් රතු මිනිත්තුව අවධානයෙන්.