රේවත හස්තියා ගැන තවත් විමර්ශනයක්

කලා වැව සහ බලලු වැව රක්ෂිතයේ සැරිසැරූ රේවත නම් ඇතා විදුලි රැහැනක ගැටීමෙන් මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුව විමර්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර සඳහන් කළේ තම දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කලාපයේ වනජීවි නිලධාරීන් විසින් අදාළ විමර්ශනය සිදුකරන බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

රේවත මිය ගියේ කැකිරාව – මහ කැකිරාව අලියාවැටුණු වැව ප්‍රදේශයේ බඩඉරිඟු හේනක ඇද තිබූ විදුලි රැහැනක ගැටීමෙන්.

කෙසේ වෙතත්, සතෙකු මරණයට පත්වීමට තරම් ප්‍රබල විදුලි සැර යෙදීමට නෛතිකව හැකියාවක් නොමැති බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ.

විදුලි වැට සවි කිරීමේදී අඩු බලයක් සහිත විදුලි සැරක් යොදා සතුන් විකර්ශණය කිරීම පමණක් සිදුකළ යුතුයි.

කෙසේ වෙතත් , විදුලි වැටවල ගැටීමෙන් අලි ඇතුන් ඇතුලු විවිධ සතුන් මරණයට පත්වීම කලක සිට සිදු වන අතර කුඩා ළමයින් මරණයට පත්වූ අවස්ථාද පසුගිය කාලයේ වාර්තා වුනා.

පසුගියදා රේවත ජීවිතක්ෂයට පත්වූ බඩඉරිගු හේනට ජාතික විදුලිබල පද්ධතියෙන් නීතිවිරෝධී ලෙස විදුලි බලය ලබාගෙන ඇති බවට සැක මතුවන බවට ද පරිසරවේදීන් ප්‍රකාශ කළා.