කෙසෙල්වත්තේ දිනුක ඩුබායිහි මියගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙරට ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ඩුබායි රටට පළාගොස් සිටින රාජපක්ෂ ආරච්චිගේ දිනුක මධුෂාන් නොහොත් කෙසෙල්වත්තේ දිනුක නමැත්තා ඊයේ (13දා) මියගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
හෘදයාබාධයක් වැළඳීම හේතුවෙන් ඔහු මියගොස් ඇති බව එම ආරංචි මාර්ග පවසයි. මීට වසර කිහිපයකට ඉහත දී සිදු කළ දිවිත්ව ඝාතනයකින් අනතුරුව ඩුබායි රට ට පළා ගිය කෙසෙල්වත්තේ දිනුක නමැත්තා එරට සිට මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු පාතාල ක්‍රියාකාරකම් රැසක් මෙහෙයවමින් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල සිය අණසක මෙහෙයවමින් කටයුතු කර තිබිණි.
කෙසෙල්වත්තේ දිනුක නමැත්තාගේ මරණය සම්බන්ධයෙන් සම්බන්ධයෙන් විමසීමේ දී ඒ පිළිබඳ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පොලිස් නිලධාරීන් රැසක් තහහුරු කළහ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ තවම ඒ සම්බන්ධයෙන් තොරතුරු ලැබී නොමැති බවයි.