තානාපති, කොමසාරිස් හා නිලධාරීන් සමඟ ගනුදෙනු කරන අය පසුපස බුද්ධි අංශ

තානාපති කාර්යාල, මහකොමසාරිස් කාර්යාල නිලධාරීන් ගැන මෙන්ම විපක්ෂයේ දේශපාලඥයන් සම්බන්ධයෙන්ද කෙරෙන බුද්ධි මෙහෙයුම් වර්ධනය කරණ ලෙස ආණ්ඩුව රජයේ බුද්ධි අංශවෙත දැනුම් දී ඇතැයි “ලංකා” පුවත්පත වාර්තා කර තිබේ.

තානාපති හා මහකොමසාරිස් කාර්යාල නිලධාරීන් හමුවන පුද්ගලයන් සම්බන්ධයෙන් මෙන්ම ඔවුන් විපක්ෂයේ නායකයන් සමඟ සම්බන්ධකම් පවත්වන්නේද යන්න පිළිබඳව ගැඹුරින් තොරතුරු සොයන ලෙස දැනුම්දී ඇතැයි එහි ප්‍රකාශකයකු පැවසූ බව එම පුවත්පත වැඩිදුරටත් වාර්තා කර ඇත.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!