සැඟ වූ වී සොයන්නැයි ජනපතිගෙන් උපදෙස්
වී තොග සඟවා සිටින පුද්ගලයින් සොයා වැටලීම් සිදුකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙළද හා කෘෂිකර්ම අමාත්‍යවරුන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩලය ජනාධිපති කාර්යාලයේදී ඊයේ (15) රැස්වූ අවස්ථාවේදියි.
දැනට පවතින තත්ත්වය හමුවේ සහල් ආනයනය සිදුනොකිරීමට ද මෙහිදී තීරණය කර තිබෙනවා.
එසේම වී අලෙවි මණ්ඩලය සතු වී තොග සහල් බවට පත් කර සතොස අලෙවිසැල් හරහා අඛණ්ඩව බෙදා හැරීම ද ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹි තීරණයක්.