ක්‍රිකට් ලෝක ශූරයන්ට වසර 25කට පසු අලුත් තෑග්ගක්
1996 ක්‍රිකට් ලෝක ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට අදාළ පදක්කම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් මීට වසර දෙකකට පමණ පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ඒවා තිබූ බව හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග පවසනවා.
සිය කණ්ඩායම ලෝක කුසලානය දිනාගත් සමයේ පදක්කම් පැළඳවීමක් සිදුනොවූ අතර පළමු වරට ක්‍රිකට් ලෝක කුසලානයක් දිනාගත් කණ්ඩායමකට පදක්කම් පැළඳවීමක් සිදුකෙරුණේ 2003 වසරේදීයි.
එවර ඉන්දියාව පරදා ලෝක කුසලානය දිනාගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට මෙම පළමු පදක්කම් පැළඳවීම සිදුකෙරුණා.
කෙසේ වෙතත් 1987 වසරේදී පළමු වරට ක්‍රිකට් ලෝක කුසලානයක් දිනාගත් ඇලන් බොර්ඩර් ප්රමුඛ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට අදාළ පදක්කම් පිරිනැමීම සිදුකෙරුණේ ද ජයග්රහණයෙන් වසර 30කට පසුවයි.
ඒ 2017 වසරේදීයි.
ඒ අනුව යමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය 1975 වසරේ සිට ක්‍රිකට් ලෝක කුසලානය දිනාගත් සියලු කණ්ඩායම් වෙත පදක්කම් පිරිනැමීමට තීරණය කළා.
ඒ අනුවයි ශ්‍රී ලංකා කණ්ඩායමට අදාළ රන් ආලේපිත මෙම පදක්කම් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ඒවා ඇත්තේ.
උපහාර උත්සවයක් පවත්වා මෙම පදක්කම් ලෝක කුසලානය දිනාගත් ක්‍රීඩකයන්ගේ ගෙළ පැළඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් අවස්ථා කිහිපයකදී උත්සාහ දැරුවද වරින් වර මතුවූ නොවැලැක්විය හැකි හේතු මත එය කල්දැමුනා.
අද අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් 96 ලෝක ශූරයන්ගේ ගෙළ සරසන්නේ මෙම පදක්කම් වැලයි.