පළාත් සභා ඡන්දය කඩිනමින් තියන්න, ආණ්ඩුවේ පක්ෂ නායකයන් අතර එකඟතාවක්
පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයන් එකඟත්වය පළ කර තිබෙනවා.
ඒ, ඊයේ පැවති පක්ෂ නායක රැස්වීමේදියි.
ඒ අනුව පළාත් සභා මැතිවරණය වෙනුවෙන් අදාළ කටයුතු සිදුකිරීමට එකඟත්වය පළ වූ බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ.
මේ අතර, පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් කරුණු විමසීම සදහා සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු නිලධාරින් ඊයේ හමුවුණා.