වතුනිවාසයේ ගින්නෙන් අවතැන් වු පිරිස් ආරක්ෂිත ස්ථාන වෙත
(17) දින පස්වරු 2 ට පමණ හටගත් ගින්නෙන් එම වතු නිවාස පේලියේ තිබු නිවාස 20 ක් ගිනිගෙන විනාශ විය.
එක් නිවසකින් හටගත් ගින්න සෙසු නිවාස වලට සිඝ්‍රයෙන් පැතිර ගිය අතර , පැතිර ගිය ගින්න මස්කෙලිය පොලිසියේ නිලධාරින්,යුධ හමුදා භට පිරිස් සහ වතු කම්කරුවන් එක් ව පැය දෙකකට ආසන්න කාලයක් දැඩි පරිශ්‍රමයක් දරා පාලනය කිරිමට සමත්විය.
පැතිර යමින් තිබු ගින්න පාලනය කිරිමට නුවරඑලිය මහ නගර සභාවේ ගිනි නිවිමේ භට පිරිස්ද ගින්න පාලනය කිරිමට පස්වරුවේ එක්විය.
ගින්නෙන් කිසිවෙකුට අනතුරක් සිදු වි නොමැති අතර , ගින්නෙන් වතු කම්කරුවන්ට අයත් පෞද්ගලික බඩු බාහිරාදිය විශාල වශයෙන් විනාශයට පත් වි තිබුණි.
ගින්නෙන් අවතැන් වු නිවාස 20 පදිංචි සමාජිකයන් 78 දෙනෙකු එම වතු යායේ දමිල මහා විද්‍යාලයේ තාවකාලිකව නතර කර ඇති අතර , ඔහුන්ට පිසු ආහාර සහ යටිතල පහසුකම් ලබා දිමට වතු පාලන අධිකාරිය , ආපදා කලමණාකරණ ඒකකය , මස්කෙලිය ප්‍රාදේශිය සභාව කටයුතු කර ඇත.
ගින්නෙන් අවතැන් වුවන් දැනට තාවකාලිකව එම වතු යායේම වෙනත් ස්ථානයක තාවකාලිකව නිවාස පේලියක ඉදිකර ඒහි තාවකාලිකව නතර කිරිමට වතු පාලන අධිකාරිය සැකසුම් කර ඇත.