යළි දකුණු ඉන්දිය චිත්‍රපටයකට එක්වූ සනී
නිරන්තරයෙන්ම සිනමා ලෝලීන්ගේ අවධානයට ලක්වන සිනමා නිළියක් ලෙස සුරූපි සනි ලියෝන් හැඳින්විය හැකිය. ඇය මේ වනවිට යළිත් වතාවක් දකුණු ඉන්දීය සිනමාවට එක්ව සිටින බව වාර්තා වෙයි. ඒ කාර්තින් ප්‍රධාන චරිත නිරූපණය කරන ‘ත්‍රී අයිවන්’ චිත්‍රපටය සඳහාය.
කෙසේ වෙතත්, මෙහි සනී ලියෝන් චරිතයක් නිරූපණය කරනවාද එසේත් නැත්නම් ‘අයිටම්’ ගීතයක් සඳහා පෙනී සිටිනවාද යන්න බොහෝ දෙනෙකුට තවමත් ප්‍රශ්නාර්ථයක් වී තිබේ. ඇය දකුණු ඉන්දීය චිත්‍රපටයක් සඳහා මුලින්ම සම්බන්ධ වූයේ 2014 වන අතර, ඒ ‘වඩකුරි’ චිත්‍රපටය සඳහාය.