මාතලේ වනසතුන්ගේ විනාශය සම්බන්ධයෙන් වනජීවිය පැති කිහිපයක් ඔස්සේ පරික්ෂණ අරඹයි
මාතලේ දිස්ත්රික්කයෙන් වාර්තා වූ දිවියෙකු ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් පසු වන සතුන්ට සිදුකරනු ලබන විවිධ හිරිහැර සම්බන්ධයෙන් පුථල් විමර්ෂණයක් ආරම්භ කර ඇති බව වනජීවි දෙපාර්තමේන්තුව කියයි.
මාතලේ -රත්තොට නිකොලොයි ප්රදේශයේ දී උගුලකට හසුකරගන්නා ලද දිවියෙකුට ගල් වලින් පහර දී ඝාතනය කිරිම සම්බන්ධයෙන් පසු වනජීවි දෙපාර්තමේන්තුවේ රජ්ගම්මන අඩවි කාර්යලාය මෙම තිරණය ගෙන තිබේ.
එහි අඩවි ආරක්ෂක පි.එම්.බි.තෙන්නකොන් මහතා කියා සිටියේ විවිධ මානව ක්රියාකාරකම් හේතුවෙන් වනසතුන්ට සිදුවන විවිධ හිරිහැර කිරිම් සම්බන්ධයෙන් පුද්ගලයින් රැසක් පසුගිය සමයේ අත්අඩංගුවට ගත් බවයි.
ගිරව් විශේෂ,තාරකා ඉබ්බන්,සැලලිහිණින්,දඩුලේනුන්,වැලි මුවන්,උරඝ විශේෂ, වල් ඌරන් ඇතුළු කනල්ස් කළාපයේ ජිවත් වන වන සතුන් දඩයම් කිරිම් සහ අලවි කිරිම් සම්බන්ධයෙන් මාතලේ දිස්ත්රික්කයේ වනජිවි කාර්යාල ඒකාබද්ධව විශේෂ විමර්ෂන රැසක් ආරම්භ කර ඇති බව ද විජේකෝන් මහතා කියා සිටියේය.
නාඋල – ඉන්දික අරුණ කුමාර