ඇස්ට්‍රාසෙනෙකා තොගයක් මෙක්සිකෝවට යැවීම සඳහා එක්සත් ජනපදය සූදානම්ලු
එක්සත් ජනපදය වෙත ලැබෙන පළමු වැනි ඇස්ට්‍රාසෙනෙකා තොගයෙන් මිලියන 4ක පමණ එන්නත් ප්‍රමාණයක් මෙක්සිකෝවට සහ කැනඩාවට ලබාදීමට එක්සත් ජනපදය සූදානම් වෙයි.
ණය ගනුදෙනුවක් ලෙස ලැබෙන මෙම එන්නත්වලින් මෙක්සිකෝවට එන්නත මාත්‍රාව මිලියන 2.5ක් සහ කැනඩාවට මාත්‍රාව මිලියන 1.5ක් ලැබීමට නියමිත බව විදෙස් වාර්තා පවසයි.
“මෙම වෛරසයට සීමා මායිම් නැහැ.” එක්සත් ජනපද නිලධාරියෙකු රොයිටර් පුවත් සේවයට පවසා ඇත. “අපි අපගේ ගෝලීය හවුල්කරුවන්ට උදව් කරන්නේ නම් පමණක් අපට වෛරසය අපේ පිටුපසින් තබා ගැනීමට හැකි වෙනවා.”
එන්නත බෙදා ගැනීමේ ගිවිසුම තවමත් අවසන් කර නැතත්, මැයි අග වනවිට එක්සත් ජනපදයේ සියලුම වැඩිහිටියන් සඳහා එන්නත් ලබාදීමේ වත්මන් ජනපති බයිඩන්ගේ සැලසුමට එය බලනොපාන බවත්, මෙම ගනුදෙනුව ඉදිරි දිනවලදී ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කිරීමට ඉඩ ඇති බවත් හෙතෙම සඳහන් කර තිබේ.
ඇස්ට්‍රාසෙනෙකා විසින් එක්සත් ජනපදය වෙත එන්නත් මාත්‍රා මිලියන ගණනක් නිපදවා ඇති අතර, අප්‍රේල් මස මුලදී එය මාත්‍රා මිලියන 30ක් ලබාදීමට සූදානමින් සිටින බව මීට පෙර පවසා තිබුණි.