වේදිකා නාට්‍යකරුවන්ට රජයේ වියදමින් රක්ෂණාවරණයක්
වේදිකා නාට්‍ය ක්ෂේත්රයේ කලාකරුවන් උදෙසා රජය වියදම් දරමින් “ප්‍රේක්ෂා” හදිසි අනතුරු හා වෛද්‍ය රක්ෂණාවරණය ප්රදානය කිරීම පසුගිය දා (16) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය සහ ටවර් හෝල් රඟහල පදනම එක්ව ක්‍රියාත්මක කරන ප්‍රේක්ෂා හදිසි අනතුරු හා වෛද්‍ය රක්ෂණාවරණය ප්රදානය සඳහා ජනශක්ති රක්ෂණ සමාගම ද එක් වෙයි. ඒ අනුව මෙම රක්ෂණ ක්‍රමය යටතේ සාමාජිකයෙකුගේ අභාවයක දී රුපියල් ලක්ෂ දෙකක්, හදිසි අනතුරකින් වන මරණයක දී රුපියල් ලක්ෂ හයක්, පූර්ණ කාලීන ආබාධිත තත්ත්වයක දී රුපියල් ලක්ෂ හතරක්, අසාධ්‍ය රෝග ආවරණයක් වෙනුවෙන් රුපියල් ලක්ෂ තුනක්, මුදල් රහිත රෝහල්ගත වීමේ ප්‍රතිලාභය වසරකට උපරිම රුපියල් එක්ලක්ෂ පනස් දහසක්, බාහිර රෝගී අංශ ප්‍රතිකාර සඳහා වසරකට රුපියල් පහළොස් දහසක් දක්වා ප්රතිලාභ ලබා දෙයි.
ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ උප සභාපති පාතේගම ඥාණිස්වර ස්වාමීන් වහන්සේ ද මෙම උත්සව සභාවට වැඩම කළහ. ජාතික උරුමයන් ප්‍රාසාංගික කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් කේ.ඒ.සී.ආර්. නිශාන්ති ජයසිංහ, ටවර් හෝල් රඟහල පදනමේ හිටපු අධ්යක්ෂ ජනරාල් නීතීඥ ඩග්ලස් සිරිවර්ධන, ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ, ජනශක්ති රක්ෂණ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ, අමාත්‍යංශ නිලධාරීහු, ටවර් හෝල් රඟහල පදනමේ සාමාජික පිරිස්, ජනශක්ති රක්ෂණ ආයතනයේ නිලධාරීහු සහ වේදිකා නාට්‍ය ක්ෂේත්රයේ කලාකරුවෝ රැසක් මෙම අවස්ථාවට සහභාගි විය.