සහල් මිල පිළිබඳ තවදුරටත් ගැටලු

සහල් මිල පාලනය කිරීමට රජය අපොහොසත් වීමට හේතුව, වී මිලදී ගැනීමේ යාන්ත්‍රණය අසාර්ථක වීම බව ජාතික ගොවිජන එකමුතුව ප්‍රකාශ කළා.

එහි සභාපති අනුරාධ තෙන්නකෝන් මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

කෙසේ වෙතත්, වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ජා-ඇල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ සතොස හරහා කිසිදු හිඟයකින් තොරව සහල් ලබාදීමට කටයුතු කරන බවයි.