වට්ස්ඇප්, ඉන්ස්ටග්‍රෑම් අක්‍රීයව පැවතුනි?

ලොව ජනප්‍රිය ක්ෂණික පණිවුඩකරණ යෙදුම් වලින් එකක් වන වට්ස්ඇප් පැය භාගයකට වඩා වැඩ කර නොමැති බව ජනතාව ට්වීට් කර තිබේ

ෆේස්බුක් සතු යෙදුම් වන මැසෙන්ජර්, වට්ස්ඇප් සහ ඉන්ස්ටග්‍රෑම් අද රාත්‍රියේ ගෝලීය වශයෙන් පැය භාගයකට අධික කාලයක් අක්‍රීයව පැවතුනි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මෙම ඇනහිටීම පළමුවෙන්ම ට්විටර් වෙබ් අඩවිය හරහා රාත්‍රී 11 ට පමණ වාර්තා විය. ලෝකයේ ජනප්‍රිය ක්ෂණික පණිවුඩකරණ යෙදුම් එකක් කලක සිට ක්‍රියාත්මක නොවන බව මිනිසුන් ට්වීට් කළේය. සමහර ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් මැසෙන්ජර් භාවිතා කරන්නන් ද යෙදුම් අක්‍රිය වී ඇති බව වාර්තා කළහ.