අරවින්ද් කුමාර්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.අරවින්ද් කුමාර් මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට කඳුරට ජනතා පෙරමුණ තීරණය කර ඇතැයි වාර්තා වේ.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංහෝධනයට සහය දැක්වීම සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරකම්වලට සහය දැක්වීමේ චෝදනාව මත අරවින්ද් කුමාර් මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කළ බව කඳුරට ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වී රාධක්‍රිෂ්නන් මහතා කියා සිටී.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

කඳුරට ජනතා පෙරමුණ සමගි ජන බලවේගයේ හවුල්කාරී දේශපාලන පක්ෂයකි.