පිරිමින්ගේ කාන්තා දින පණිවුඩ

“ලෝකයේ ප්‍රබලම කාන්තාවන් අතරින් කීප දෙනෙක් මගේ ජීවිතයට සමීප වීම ආශීර්වාදයක්.. ඔවුන්ගේ අභ්‍යන්තර බලය තමයි මගේ ලොකුම ශක්තිය..”

මාර්තු අට වෙනිදා කාන්තා දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් බොනී කපූර් සඳහන් කර තිබිණි. බිරිඳ ශ්‍රී දේවි, දියණියන් වන අන්ශුලා, ජාන්වි සහ කුෂි සමඟ ගන්නා ලද ඡායාරූප ද පළ කර තිබිණි.
වරුන් ධාවාන් සිය පණිවිඩය සමඟ පළ කර තිබුණේ මව , බිරිඳ සහ නෑනා සමඟ ගන්නා ලද ඡායාරූපය.
“කාන්තාවන්ට ගෞරව කරමින්, ඔවුන් අගය කරමින් කාන්තා දින පණිවිඩ නිකුත් කිරීම අගෙයි.. ඒත් අපි හරියටම දෙයක් කළා කියලා කියන්න පුළුවන් වෙන්නෙ මේ රට කාන්තාවන්ට ආරක්ෂාකාරීව ජීවත් වෙන්න පුළුවන් රටක් බවට පත් කළොත් විතරයි.. මොකද හැම කාන්තාවක්ම කාගෙ හරි අම්මා කෙනෙක්, දුවක්, සහෝදරියක්..” ඔහු සඳහන් කර තිබිණි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

බොලිවුඞ් මෙගා තරුව සිය බිරිඳ ජයා බච්චන්, දියණිය ස්වේතා, ලේලිය අයිශ්වර්යා, මිනිපිරියන් නව්‍යා නවේලි සහ ආරාධ්‍යා සමඟ ගන්නා ලද ඡායාරූප ද සමඟ අපූරු පණිවිඩයක් නිකුත් කර තිබිණි.

“ඔවුන් කියනවා අද කාන්තා දිනය කියලා.. මොනවා..? අද විතරක් ද..? හැමදාම කාන්තා දිනය තමයි..”