පාලන මිලට කුකුළු මස් නැතැයි චෝදනා

කුකුළු මස් සඳහා රජය මගින් පාලන මිලක් පනවා තිබුණ ද වෙළඳපොලේ එම මිල ගන්න යටතේ කුකුළු මස් ලබා ගැනිමට නොමැති බවට පාරිභෝගිකයින් චෝදනා කරනවා.

කෙසේවෙතත් කුකුළු මස් නිෂ්පාදකයින් පවසන්නේ නිෂ්පාදන මිල ඉහළ ගොස් ඇති බැවින් පාලන මිලට කුකුළු මස් ලබා දිය නොහැකි බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

කුකුළු මස් අලෙවි කිරිමේදි උපරිම සිල්ලර මිල සඳහන් කරමින් රජය මගින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කළේ පසුගිය වසරේ මාර්තු 12 වැනිදායි.

එහි සඳහන් වුයේ සම සහිත කුකුළු මස් කිලෝ ග්‍රෑම් 1ක් රුපියල් 430කටද සම රහිත කුකුළු මස් කිලෝ ග්‍රෑම් 1ක් රුපියල් 500කට අලෙවි කළ යුතු බවයි.

කෙසේවෙතත් පාලන මිලට වෙළඳපොලේ කුකුළු මස් නොමැති බවට පාරිභෝගිකයින් චෝදනා කළ අතර වෙළදුන් පවසන්නේ පාලන මිලට කුකුළු මස් අලෙවි කළ නොහැකි බවයි.