වරුන් ධාවාන්ට රසිකයන්ගෙන් බාධා

වරුන් ධාවාන් සහ ක්‍රිති සැනොන් රඟ පාන භේදියා චිත්‍රපටිය හොරර් කොමඩි ගණයට අයිති වන්නකි. පසු ගිය දිනෙක රාත්‍රි එහි රූගත කිරීම් අරුණාචල් ප්‍රදේශයේ සාගලී ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. මෙහිදී ඔහු දැක බලා ගැනීම සඳහා පැමිණි රසිකයන් නිසා රූගත කිරීම්වලට බාධා එල්ල වූයේය.

අවසානයේදී මෝටර් රථයක වහල උඩට නැඟ ගත් වරුන් තමන්ට නිදහසේ රූගත කිරීම් අවසන් කරන්නට ඉඩ දෙන ලෙස රසිකයන්ට ආයාචනා කළේය. එය අවසන් වූ පසුව ඔවුන් හමු වෙන්නට බලාපොරොත්තු වන බවත් කීවේය. ඔහු ගේ මෙම ආයාචනාව සහිත වීඩියෝ පටිය දැන් අන්තර්ජාලය පුරාම සැරිසරමින් තිබේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ක්‍රිති සැනොන් සහ වරුන් එක්ව රඟන තුන් වෙනි චිත්‍රපටිය භේදියාය. මින් පෙර ඔවුහු දිල්වාලේ සහ කලන්ක් චිත්‍රපටිවල රඟ පෑහ. භේදියා 2022 අප්‍රේල් මාසයේදී තිරගත වෙන්නට නියමිතව තිබේ.