නිරෝධායනය නොවී සැඟව සිටි 400 ක් බාරවෙති
නිරෝධායනයට ලක් නොවී සැගව සිටි මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ සේවක පිරිසට වහාම පැමිණ ඉදිරිපත් වන ලෙසට පොලිසිය ඊයේ (8) සහ පෙරේදා (7) කර තිබු නියෝගයට අනුව සේවකයින් 400 ක් පමණ පිරිසක් පැමිණ සිටි බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේය.
මොවුන් ගම්පහ, කැලණිය හා පෑලියගොඩ ස්ථාන 24 ට පැමිණි සිටි බව අජිත් රෝහණ මහතා කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් සාපේෂක දන්ත, බුද්ධි අංශ හා වෙනත් වාර්තා වලට අනුව නිරෝධායනය නොවී සිටිනේනේ තවත් සේවකයන් කිහිප දෙනකු පමණක් බවට වාර්තා වී ඇතැයි ද අජිත් රෝහණ මහතා කියා සිටියේය.
එම පිරිස කොළඹ ප්‍රදේශයේ පිට සිට එම පොලිස් ස්ථාන වලට තමන්ගේ විස්තර දැනුම් දෙන්නට ඇති බවට සැකකරන බවද අජිත් රෝහණ මහතා කියා සිටියේය.
මෙතෙක් නිරෝධායන යොමු නොවු කිහිප දෙනෙක් හෝ සිටීනම් ඔවුන් වහාම සිටින නිවසේ සිට තමන් මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ සේවක කළ සේවයයකු බව පවසා පොලිසියට දැනුම් දිය යුතු බවද අජිත් රෝහණ මහතා පැවසීය.
මෙම සේවකයන් නිරෝධානය ක්‍රියාවලිය සදහා අනුගත වීම සදහා ලබා දුන් කාලය ඊයේ (8) දින අවසන් දිනය බවත් මෙම නියෝගය පැහැර හරිමින් යම් කිසි පුද්ගලයකු කටයුතු කරන්නේනම් ඔවුන්ට නිරෝධායන නීතිය යටතේ දැඩි ක්‍රියා මාර්ග ගන්නා බවද අජිත් රෝහණ මහතා සදහන් කළේය