ගම්පහ ප්‍රදේශ කිහිපයකට පැය 6ක ජල කප්පාදුවක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (23) පෙරවරු 09.00 සිට පැය 06ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව පෑලියගොඩ, වත්තල, ජාඇළ, කටුනායක/සීදුව යන නගර සභා බල ප්‍රදේශවලට සහ කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා-ඇළ යන ප්‍රාදේශිය සභා බල ප්‍රදේශවල එම කාලය තුළ ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඊට අමතරව ගම්පහ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ කොටසකට ද අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේය.