කුඹුක්කන්ඔය ජලාශයට යටවන අක්කර 900ක ඉඩමේ මැණික් නිධිය ගොඩ ගැනීමට සැරසේ

කුඹුක්කන් ඔය ජලාශයට යටවන අක්කර 900 ක භූමියේ පවතින මැණික් නිධිය ගොඩගැනීම සඳහා වන කටයුතු මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව අප්‍රේල් මුල් සතිය වනවිට බඩල්කුඹුර ප්‍රදේශය ආශ්‍රිතව පවතින එම භූමියේ මැණික් ගොඩගැනීම සඳහා බලපත්‍ර ලබාදීමේ කටයුතු සිදුකරන බවයි එහි සභාපති තිලක් වීරසිංහ කියා සිටියේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ අතර, රත්නපුර – කිරිඇල්ල ප්‍රදේශයේ කළු ගඟේ මැණික් නිධියකින් රත්‍රං හමුවී ඇති බව මැණික් සහ ස්වර්ණභරණ අධිකාරිය ප්‍රකාශ කළා.

ඒ, නියමු ව්‍යාපෘතියක් ලෙස රත්නපුර – කළුගඟ – හැරනියාවක ප්‍රදේශයේ දියත්කර තිබුණු මැණික් ගැරීමේ ඒකාබද්ධ ව්‍යාපෘතියක ප්‍රතිඵලයක් ලෙසයි.