විගමණ ශ්‍රමිකයන් නිරෝධායනයට ස්ථාන වෙන් කෙරේ

මෙරටට ගෙන්වීමට නියමිත විගමණ ශ්‍රමිකයින් නිරෝධායනයට අවශ්‍ය හෝටල් සහ සංචාරක නිකේතන වෙන් කිරීම ආරම්භ කර තිබෙනවා.

කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ උපදෙස් පරිදි විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් මෙම කටයුතු සිදු කෙරෙන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

දිවයිනේ ප්‍රදේශ කිහිපයක හෝටල් 10ක් ඒ සඳහා වෙන් කර ඇති අතර එක්වරකට ශ්‍රමිකයින් 571 දෙනෙකුට එහි නිරෝධායන ක්‍රියාවලිය සඳහා පහසුකම් සැපයෙනවා.

මේ සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සතියක කාලයකට රුපියල් මිලියන 18ක් වැය වන බවයි කම්කරු අමාත්‍යාංශය සදහන් කළේ.