ව්‍යාජ පුවතක් ෆේස්බුක් ඔස්සේ ප්‍රචාරය කළ තරුණයා රිමාන්ඩ්
ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂ ව්‍යාජ ලෙස සකස් කර අසත්‍ය පුවතක් ෆේස්බුක් වෙබ් අඩවිය ඔස්සේ පළ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගත් 18 හැවිරිදි තරුණයකු ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බටපොල දී අත්අඩංගුවට ගන්නා ලද මෙම සැකකරු අද (09) දහවල් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා හමුවට ඉදිරිපත් කෙරිණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ එම සැකකරු විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂයක් ව්‍යාජ ලෙස සකස් කර දිවයින පුරා ඇඳිරිනීතිය පණවා ඇති බවට “දෙරණ” රූපවාහිනී සේවයේ ලාංඡනයද යොදා ගනිමින් අසත්‍ය පුවතක් ෆේස්බුක් වෙබ් අඩවියේ පළ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවය.
එම සැකකරු පරිගණක අපරාධ පනතේ 6 වන වගන්තිය යටතේ වරදක් සිදුකර ඇතැයි පෙන්වා දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ තුළින් ඔහු ජාතික ආරක්ෂාව අනතුරේ හෙලා ජාතීන් අතර නොසන්සුන්තාවයක් ඇති කිරීමට ක්‍රියා කර ඇති බවද අධිකරණය හමුවේ දන්වා සිටියා.
විමර්ශන කටයුතු තවදුරටත් සිදු කරන බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.