කැලණියේ සිසුවියකටත් කෝවිඩ් ආසාදනය වෙයි!
කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ, සමාජ සංඛ්‍යාන අධ්‍යනාංශයේ (Statistics Department) සහෝදරියකට Covid 19 වෛරය ආසාදනය වී ඇති බව ඊයේ (09) දිනයේදී තහවුරු වී ඇත.
එම සහෝදරියට වෛරසය ආසාදනය වී ඇත්තේ විශ්වවිද්‍යාල පරිබාහිර සමාජයෙන්ය. නමුත් පසුගිය මස 28 වන දින විශ්වවිද්‍යාලය වෙත එම සහෝදරිය පැමිණ ඇති බව දන්වන ලදී.විශ්වවිද්‍යාල පරිපාලනයෙන් මේ පිලිබද විමසූ අතර එහිදී සදහන් කරන ලද්දේ ඇය සමීපයෙන් ආශ්‍රය කළ අය හට හෙට දිනයේදී PCR පරීක්ෂණ සිදුකරන බවත්, නේවාසිකාගාරයේ සිටි සිසුන් සදහා ඒ ඒ ප්‍රදේශයන්හී සිටින මහජන සෞඛ්‍ය නිළධාරීන් මාර්ගයෙන් සොයා බලන බවයි.
නමුත් විශ්වවිද්‍යාල පරිපාලනය විසින් ප්‍රකාශ කරනු ලබන සියලු දේ ඒ අයුරින්ම පිළිගැනීමට මේ වන විට නොහැකිව පවතී.ඊට හේතුව කෝරෝනා සමයෙන් පසු විශ්වවිද්‍යාලය ආරම්භ කළ දවසේ සිට සිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සදහා කිසිදු ප්‍රායෝගික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකළ නිසාවෙනි.
තවද මීට මසකට පෙර අහඹු ලෙස හෝ PCR පරීක්ෂණයක් සිදුකරනු ලැබූයේ මහා ශිෂ්‍ය සංගමය ලෙස අප කරන ලද ඉල්ලීමකට අනුවය.
එසේ නමුත් කොරෝනා වසංගතය නැවත පැතිරයාමත් සමග නැවත පසුගිය 04 වන දින විශ්වවිද්‍යාලය වසා දැමීමට තීරණය කළ පළමු අවස්ථාවේදීම මහා ශිෂ්‍ය සංගමය ලෙස අප පරිපාලනය වෙත දැනුවත් කරන ලද්දේ, යම් ලෙසකින් කොරෝනා ආසාදනය වූ එකදු ශිෂ්‍යයෙකු හෝ විශ්වවිද්‍යාලයේ සිටියහොත් සිසුන් පිටව යාමත් සමග මුලු සමාජයටම වෛරසය පැතිරීමට ඉඩකඩ ඇති බවත් එම නිසා සිසුන් පිටත් කර යැවීමට පෙර අඩුම තරමින් නේවාසිකාගාරයන්හී සිටින ළමුන්ගේ හෝ PCR පරීක්ෂණයක් සිදුකර ගතයුතු අනිකුත් ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.
නමුත් එම දැනුවත් කිරීමට අදාල ලිපිය හෝ බාර ගැනීමට විශ්වවිද්‍යාලයේ එදින වග කිවයුතු කිසිවෙක් නොසිටි අතර ආරක්ෂක අංශය පැවසූවේ ද ඔවුන්ට එය බාරගැනීමට නොහැකි බවයි.
නමුත් අප එම මොහොතේදීම එම අදාල ලිපිය උපකුලපතිතුමියට / ප්‍රධාන ශිෂ්‍ය කටයුතු අධ්‍යක්ෂක හිමියන්ට හා සියලු මාධ්‍ය ආයතන වෙත විද්‍යුත් තැපැල් මාර්ගයෙන් යොමුකළ අතර, නමුත් ඒ පිළිබඳව විශ්වවිද්‍යාලය පරිපාලනය කිසිදු තැකීමක් නොකරන ලදී. එසේම දුරකථන මාර්ගයෙන් ද ශිෂ්‍ය කටයුතු අධ්‍යක්ෂක හිමියන්ට දැනුවත් කළ මොහොතේදී සදහන් කරන ලද්දේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව මගින් සියලු සිසුන් පිටත් කර යවන ලෙස දැනුම් දී ඇති බවත් එම නිසා PCR කිරීම හෝ වෙනයම් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් ගැනීමට නොහැකි බවයි.
කෙසේ නමුත් දැන් සිදුවීමට ඇති සියල්ල සිදුවී හමාරය. විශ්වවිද්‍යාලය පරිපාලනයට සිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව වගකීමක් නොමැති නමුත් අප එසේ නොවිය යුතුය.
එබැවින් සමාජ සංඛ්‍යාන අධ්‍යනාංශයේ සහෝදර/ සහෝදරියන් හා කොරෝනා ආසාදිත සහෝදරියගේ යම්කිසි ආශ්‍රිතයෙක් වේ නම් පහත සඳහන් දුරකතන අංකවලට අමතා ඔබගේ තොරතුරු අප වෙත ලබාදෙන ලෙස ඉල්ලා සිටිමු.එමෙන්ම තවදුරටත් සියලු සහෝදර සහෝදරියන් රැඳී සිටින ස්ථානවලම සෞඛ්‍ය ආරක්ෂිතව රැඳී සිටින ලෙසත් සියලු දෙනාම සමාජ වගකීමෙන් කටයුතු කරන ලෙසත් දන්වා සිටිමු.මහා ශිෂ්‍ය සංගමයකැලණිය විශ්වවිද්‍යාලය.