ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ 558 දක්වා ඉහළට
ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිත මරණයක් වාර්තාවී තිබෙනවා.
ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 558ක්.
අද වාර්තාවී ඇති මරණය මතුගම ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්.
කලුතර දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර කොවිඩ් ආසාදිතයෙකු ලෙසට හඳුනාගැනීමෙන් පසු ඔහු හෝමාගම මූලික රෝහලට ඇතුලත් කර තිබුනා.
එහි ප්‍රතිකාර ලබමින් සිටින අතර මාර්තු 25 වනදා මියගොස් ඇති අතර මරණයට හේතුව ලෙසට දැක්වෙන්නේ හෘද රෝගී තත්වය සහ කොවිඩ් නියුමෝනියා තත්වයයි.