ලංකාවේ වැරැදි හොයන්න විශේෂ කාර්යාලයක්…
ජිනීවා මානව හිමිකම් කොමිසම විසින් සම්මත කරන ලද ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ කාර්යාලයක් පිහිටුවීමට මානව හිමිකම් මහ කොමසාරිස්වරිය තීන්දු කර ඇත.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩකිරීම්වලට අදාළ පැරණි තොරතුරු සහ සාක්ෂි එක්රැස් කිරීම, එසේම මෙරට වත්මන් මානව හිමිකම් ප්‍රශ්න ගැන අධීක්ෂණය කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ.
ඒ සඳහා මූලික වශයෙන් ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 28ක් වෙන් කෙරෙනු ඇති බවද ජිනීවා ආරංචි මාර්ග කියයි.
කිසියම් රටක් විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩකිරීම්වලට එරෙහිව නඩු පවරන්නේ නම් ඒ සඳහා අවශ්‍ය සාක්ෂි සපයා දීමට මෙම කාර්යාලයට බලය පැවරේ. ඒ සඳහා වෙනම නීති උපදේශකයන් පිරිසක් පත් කෙරෙන බවද වාර්තා වේ.
(දේශය)