මැණික් පතලක සිරවීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට
මැණික් පතලක් තුළ සිරවීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා. අවිස්සාවේල්ල පොලිස් වසමේ වෙරලුපිටිය ප්‍රදේශයෙන් මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වනවා. ඊයේ (27) රාත්‍රී 7.00ට පමණ මෙම සිදුවීම වාර්තා වී ඇති බවටයි සඳහන්වන්නේ. පැවැති වර්ෂාවත් සමග පතල තුළ විදුලිය විසන්ධි වී ඇති අතර ඒත් සමගම පතල තුළට ගොස් තිබූ දෙදෙනෙකු මෙම අනතුරට මුහුණ පා ඇති බවටයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් පැවසුවා.