ඉන්දීය ලේජන්ඩ්ස් කණ්ඩායම නියෝජනය කළ ඉර්ෆාන් පතාන්ටත් කොරෝනා
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ඉර්ෆාන් පතාන්ට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව ඔහුට සිදුකළ කොවිඩ් පරීක්ෂණයේදී අනාවරණය වී තිබෙනවා.
ඉන්දියාවේදී පසු ගියදා නිමාවූ රෝඩ් සේෆ්ටි විස්සයි විස්ස ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරඟාවලියටද ඉර්ෆාන් පතාන් එක්වුණා.
එම තරඟාවලියට එක්වූ ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවයි මීට පෙර වාර්තා වුණේ.
සචින් තෙන්ඩුල්කාර්, සුබ්‍රමනියම් බද්‍රිනාත් සහ ඉර්ෆාන් පතාන්ගේ සහෝදරයා වන යුසොෆ් පතාන් එම ක්‍රීඩකයින් තිදෙනායි.