හර්මන් බේවාජා විවාහ වෙයි

ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු හර්මන් බේවාජා මීට දින කිහිපයකට පෙර විවාහ වූ පුවතක් වාර්තා වෙයි. ඔහුගේ අතගනු ලැබුවේ කාලයක් තිස්සේ ඔහු සමග ප්‍රේම සම්බන්ධයක වෙළි සිටි සාෂා රාමචන්දනිය. ඔවුන් දෙදෙනාගේ විවාහය සමිපතම පුද්ගලයින් කිහිප දෙනෙකු පමණක් සම්බන්ධ කරගනිමින් පැවැත්වීම විශේෂත්වයකි.

හර්මන් බේවාජා කාලයක් ප්‍රියංකා චොප්රා සමගින් ප්‍රේම සම්බන්ධයක් පවත්වනු ලැබු අතර, එය 2010 වසරේ ඉතා ජනප්‍රිය ප්‍රේම කතාවක්ද වී තිබුණි. එමෙන්ම හර්මන්, ප්‍රියංකාට අමතරව තවත් සිනමා නිළියන් කිහිප දෙනෙකුගේම පෙම්වතා බවටද පත්ව තිබුණි. බේවාජා විවිහා වූ සාෂා කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ දියණියක්ද වෙයි.

 

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!