අලුත බැදපු ජෝඩුව හනිමුන් යයි

මීට දින කිහිපයකට පෙර දෙවැනි වරටත් විවාහ වූ සිනමා නිළි දියා මිස්රා සිය අලුත් සැමියා වූ කෝටිපති ව්‍යාපාරික විභව් රේඛි සමගින් මේ දිනවල මාලදිවයිනේ තම මධුසමය ගත කරමින් සිටින බව වාර්තා වෙයි. අලුත විවාහ වූ මෙම ජෝඩුව සමගින් විභව්ගේ පළමු විවාහයේ දියණිය සමිරාද ගොස් ඇති බව දැන ගැනීමට ලැබේ.

විභව් හා දියා මාලදිවයින සති කිහිපයක්ම රැඳි සිටින්නට බලාපොරොත්තුවෙන් සිටින අතර, මාලදිවයිනට ගිය මුල් දින කිහිපයේදි දියා හා විභව්ගේ දියණිය සමිරා දෙදෙනා ගත් ඡායාරූප රැසක් මේ වනවිට දියා සිය ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම හරහා අන්තර්ජාලයට යොමු කර ඇත.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!