වයඹ පළාතේ පරිවාස නිලධාරීන් වෘත්තිය ක්‍රියාමාර්ගයක
වයඹ පළාතේ පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ ස්ථානභාර පරිවාස නිලධාරින් අද රාජකාරිවලින් ඉවත්වී වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වනවා.
ඒ ස්ථානභාර පරිවාස නිලධාරි තනතුර අනුමත තනතුරක් බවට පත් කරන ලෙසට ඉල්ලීම් කළ ද ඊට විසඳුමක් නොලැබීම හේතුවෙන්.
මේ අතර තැපැල් සේවකයන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය මේ වනවිටත් ක්‍රියාත්මකයි.
ශ්‍රී ලංකා තැපැල් හා විදුලි සංදේශ සේවා සංගමයේ සභාපති චින්තක බණ්ඩාර කියා සිටියේ නිලධාරින් බඳවා ගැනීමේදී ඇති වන ගැටලු වලට විසඳුම් ඉල්ලා මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කළ බවයි.
ගැටලුවලට විසඳුමක් නොලැබුණහොත් ඉදිරියේදී දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණ වීමට සිදුවන බව ඔහු කියා සිටියා.