ඊයේ වැඩිම ආසාදිතයින් රත්නපුර දිස්ත්‍රික්කයෙන්
ඊයේ වාර්තා වු නව ආසාදිතයන් 139 දෙනා අතරින් වැඩිම පිරිස වන 39 දෙනා රත්නපුර දිස්ත්‍රික්කයෙන් හඳුනා ගැනුනා.
ආසාදිතයින් 22 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද 20 දෙනෙකු යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවයි කොවිඩ් නයින්ටින් පාලනය කිරිමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.
මේ අතර, පසුගිය ජනවාරි 29 වනදා ඇරඹුණු එන්නත්කරණ වැඩසටහනට අනුව ඊයේ වනවිට මෙරට පුද්ගලයින් 9 ලක්ෂ 13,219 කට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබාදී තිබෙනවා.
එමෙන්ම, ලබන මස මුල් සතිය තුළ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත් තොගයක් ලැබිමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දු පුල්ලේ කියා සිටියේ.