ජාතික රෝහලේ සහ රිජ්වේ රෝහලේ – සුළු සේවක 4කට කොරෝනා

– සේවය කළ වාට්ටු හා ශල්‍යාගාර වසයි

කොළඹ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් කොළඹ ජාතික රෝහලේ හා බොරැුල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ සිදු කරන ලද කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීමේ පී.සී.ආර්. පරීක්ෂණවලදී ජාතික රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයන් තිදෙනකුට හා රිජ්වේ ආර්යා ළමා රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පෙරේදා (10 දා) තහවුරු වී තිබේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ අනුව කොරෝනා ආසාදිතයන් බව තහවුරු වූ කොළඹ ජාතික රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකාවක් හා එම කාර්ය මණ්ඩල සේවකයන් දෙදෙනකු මෙන්ම බොරැුල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකාව ප‍්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇත. ඔවුන් සේවය කළ වාට්ටු හා ශල්‍යාගාරයක් තාවකාලිකව වසා දැමූ බව එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. ජාතික රෝහලේ කොරෝනා වෛරසය ආසාදනය වූ සේවකයන් තිදෙනා සේවය කරන වාට්ටු තුනක් හා ශල්‍යාගාරයක්ද, ළමා රෝහලේ කොරෝනා වෛරසය ආසාදනය වූ සේවිකාව සේවය කරන වාට්ටුවද මෙසේ වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා තාවකාලිකව වසා දමා ඇති අතර එම වාට්ටු හා ශල්‍යාගාරයේ සේවයේ නියුතුව සිටි වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් ස්වයං නිරෝධායනයට යොමු කළ බව රෝහල් අංශ පවසයි