රේවත ඇතා ගැන විමර්ශන රහස් පොලීසියට
කැකිරාවේ හේන් යායකදී රේවත ඇතාට විදුලිසැර වද්දා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව විශේෂ විමර්ශනයක් පැවැත්වීම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලෙස කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය අද පොලීසියට නියෝග කළා.
කැකිරාව මහේස්ත්‍රාත් සමන් කාරියවසම් මෙම නියෝගය කර ඇත්තේ කැකිරාව පොලීසිය අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට සිදුකළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින්.
රේවත ඇතාට විදුලිසැර වද්දා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පැවැත්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අදාළ විමර්ශන යොමුකරන්නැයි නීතිපතිවරයා ද පොලීසියට දන්වා තිබෙනවා.
මෙම සිද්ධියට අදාළව සැකකරුවෙකු අත්අඩංගුවට ගැණුනු අතර ඔහු පසුව ඇප මත මුදා හැරුණා.