ෆයිසර් වයස 12-15 ළමයින්ට සීයට 100ක් ඵලදායී වෙලාලු

ෆයිසර් – බයෝඑන්ටෙක් කොවිඩ්-19 මර්දන එන්නත වයස අවුරුදු 12ත් 15ත් අතර ළමයින් සඳහා එක්සත් ජනපදයේදී සිදුකළ තුන්වැනි අදියරෙහි සායනික අත්හදා බැලීමේ පරීක්ෂණයේදී 100%ක් ඵලදායී වී ඇති බව එම සමාගම නිවේදනය කරයි.

SARS-CoV-2 වෛරසය ආසාදනය වී ඇති බවට පූර්ව සාක්ෂි සහිතව හෝ රහිතව වයස අවුරුදු 12 ත් 15 ත් අතර නව යොවුන් වියේ දරුවන් යොදා ගනිමින් සිදුකළ තුන් වැනි අදියර අත්හදා බැලීමේදී ෆයිසර් ඉන්කෝපරේෂන් සහ බයොඑන්ටෙක් ප්‍රකාශ කළේ ෆයිසර්-බයෝටෙක් හි BNT162b2 කොවිඩ්-19 මර්දන එන්නත 100%ක්ම කාර්යක්ෂමතාවක් පෙන්නුම් කරන බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

විශේෂයෙන්ම වයස අවුරුදු 16 ත් 25 ත් අතර එන්නත් කරන ලද සහභාගීවන්නන් තුළ මීට පෙර වාර්තා වූ තත්ත්වයට වඩා ශක්තිමත් ප්‍රතිදේහ ප්‍රතිචාරයක් සහ හොඳ දරාගැනීමක් පෙන්නුම් කර ඇති බවයි. මෙහිදී නව යොවුන් වියේ දරුවන් 2,260 දෙනෙකු 3 වැනි අදියර අත්හදා බැලීම් සඳහා යොදාගත් බවද ඔවුන් පවසයි.

මෙම වයස් කාණ්ඩයේ හදිසි භාවිතය අනුමත කිරීම සඳහා අදාළ දත්ත එක්සත් ජනපද ආහාර හා ඖෂධ පාලන අධිකාරිය වෙත ඉදිරිපත් කිරීමට ෆයිසර්-බයෝඑන්ටෙක් බලාපොරොත්තු වෙයි.