මගී ප්‍රවාහනයට මහ බැංකුව දුන් කල්බදු (ලීසිං) තල්ලුව
කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මගී ප්‍රවාහන සේවයේ නියුතු වුවන්ට සිදුවූ දුෂ්කරතා සැලකිල්ලට ගනිමින්, ඔවුන් විසින් මුල්‍ය ආයතන වෙතින් ලබා ගෙන ඇති ලීසිං පහසුකම් සඳහා 2021 අප්‍රේල් 01 දින සිට මාස 6ක කාල සීමාවක් සඳහා ණය සහන යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින්, වාණිජ බැංකු,විශේෂිත බැංකු,මූල්‍ය සමාගම් සහ විශේෂිත කල්බදු සමාගම් වෙත දැනුම් දී තිබෙනවා.
මෙම පහසුකම සඳහා සුදුසුකම් ලබන්නන් වන්නේ පොදු මගී ප්‍රවාහන සේවා,පාසල් ළමුන් ප්‍රවාහන සේවා,කාර්යාල මගී ප්‍රවාහන සේවා, ත්‍රි රෝද රථ ඇතුළු කුළී රථ සේවා,පුද්ගලික මගී ප්‍රවාහන සේවා සහ සංචාරක මගී ප්‍රවාහන පහසුකම් සපයන්නන්ය.
මෙම ණය සහන ලබා ගැනීමට අදාළ සුදුසුකම් ලත් අයවලුන් විසින් ඒ සඳහා ඉල්ලීමක් ලිඛිතව හෝ විද්‍යුත් ආකාරයෙන් අදාළ මූල්‍ය ආයතනය වෙත 2021 අප්‍රේල් 19 වැනි දින හෝ ඊට පෙර යොමුකල යුතු වනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව මූල්‍ය ආයතන වෙත දන්වා ඇත්තේ සාධාරණ හේතු මත,මෙම දිනයට පසුව යොමු කරනු ලබන ඉල්ලීම් ද සලකා බලන ලෙසයි.
මෙලෙස ලබා දෙන ණය සහන සඳහා වන අමතර පොලිය කල් දමන ලද වාරික වල වටිනාකම මත පමණක් එකතු කල පොලී අනුපාතයක් යටතේ අය කරනු ඇත.
බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සහ විශේෂිත කල්බදු සමාගම් සඳහා මේ යටතේ අයකල හැකි උපරිම අමතර පොලී අනුපාතිකය වාර්ෂිකව සියයට 11.5 නොඉක්මවන ලෙසත් මහ බැංකුව නියම කර තිබෙනවා.
මෙම යෝජනාක්‍රමයට ඇතුළත් කල්බදු පහසුකම් සඳහා කිසිදු දඩ පොලියක් අය නොකරන ලෙසටත් මූල්‍ය ආයතන දැනුවත් කර ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ.