යතුරුපැදි මෙහෙයුමේ ප්‍රතිඵල මෙන්න
දිවයින පුරා සිදුවන මාර්ග අනතුරුවලදී යතුරු පැදිකරුවන් සහ පසු පැදි කරුවන් බහුල වශයෙන් මිය යාම හේතුවෙන් ශ්‍රී ලංකා පොලීසිය යතුරු පැදිකරුවන් ඉලක්ක කර සිවුදින මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට තීරණය කළා.
පසුගිය තිස් එක් වෙනිදා ආරම්භ කෙරුණු මෙම මෙහෙයුමේ පළමු පැය 24 තුළ දී යතුරුපැදිකරුවන් විසින් සිදු කරනු ලද විවිධ වැරදි 4511 ක් හසුකර ගැනීමට හැකි වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.
ඒ අතරින් බීමත්ව යතුරුපැදි පැද වූ පුද්ගලයින් එකසිය විසි දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මීට අමතරව ආරක්ෂක හිස්වැසුම් නොමැතිව ගමන් කල යතුරු පැදි කරුවන් 651 දෙනෙකුත්,විවිධ මාර්ග නීති උල්ලංඝනය කළ යතුරුපැදිකරුවන් 1121 දෙනෙකු මෙම මෙහෙයුමේ දී හඳුනා ගැනුණා.
ලබන තුන් වෙනිදා දක්වා අඛණ්ඩව සිදු කෙරෙන මෙම මෙහෙයුමේ මූලික අරමුණ වන්නේ දිනකට දළ වශයෙන් මහමග මියයන පස්දෙනෙකු පමන වන යතුරුපැදි කරුවන්ගේ ජීවිත ගලවා ගැනීම බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.