අලුත් අවුරුදු සෞඛ්‍ය මාර්ගෝපදේශ අද නිකුත් වේ
ඊට අදාළ විශේෂ සංකච්ඡාවක්ද පවත්වා ඇති අතර, එහිදී ඉදිරිපත් වී ඇති යෝජනා වැඩිදුරටත් සංවාදයට බඳුන් වනු ඇති.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ප්‍රකාශ කළේ සීමාවන්ට යටත්ව මෙවර අලුත් අවුරුදු උත්සව පැවැත්වීම සඳහා අවස්ථාව ලබා දෙන බවයි.
එමෙන්ම, අලුත් අවුරුදු සමයේ කොළඹින් පිටවන වෙළඳ කලාප හා ආර්ථික ප්‍රවර්ධන කලාපවල රැකියාවල නියුතු පිරිස් ඉලක්ක කර කොරෝනා පරීක්ෂණ සිදුකරන බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කළා.
මේ අතර ඊයේ දිනයේදීත් මෙරටින් කොරෝනා ආසාදිතයින් 211 ක් වාර්තා වී තිබෙනවා.
ඒ අනුව සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 92,917 ක් දක්වා ඉහළ ගියා.
තව දුරටත් දිවයිනේ රෝහල් කිහිපයක ආසාදිතයින් 2939 ක් ප්‍රතිකාර ලබන අතර සුවය ලැබු ආසාදිතයින් ගණන 89,407 ක්.
ඊයේ දිනයේදි කොරෝනා මරණ 03 ක් වාර්තා වීමත් සමඟ මෙරට සිදු මුළු මරණ සංඛ්‍යාව 571 ක් දක්වා ඉහළ ගියා.
80 හැවිරිදි වියේ පසු වු ඇහැළියගොඩ ප්‍රදේශයේ පිරිමි පුද්ගලයෙකු සහ කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් මෙලෙස මිය ගොස් ඇති අතර අනෙක් මියගිය පුද්ගලයා 85 හැවිරිදි පානදුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ අතර නව සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරිය සහ මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයා අතර සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා.
නව ව්‍යාපෘතිය යටතේ රත්නපුර ශික්ෂණ රෝහලේ හෘද ඒකකයක් පිහිටුවීම, යාපනය ශික්ෂණ රෝහලේ මාතෘ වාට්ටු සංකීර්ණය ඉදිකිරීම ඇතුලු තවත් රෝහල් කිහිපයක සංවර්ධන කටයුතු සිදු කෙරෙනු ඇති.
මේ අතර, සිංහල – දෙමල අලුත් අවුරුද්ද වෙනුවෙන් ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ලබන 06 වැනිදා ප්‍රවාහන අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිතයි.
වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම කියා සිටියේ සංචරණ සීමා පනවා නොමැති බැවින් අවුරුදු සමයේදී ප්‍රවාහන පහසුකම් සැලසීමට විශේෂ සැලැස්මක් සකස් කිරීමට එම සාකච්ඡාවේදී කටයුතු කරන බවයි.