බොලිවුඩ් පුරයේ කොරෝනා ව්‍යාප්තිය තවත් ඉහළට
බොලිවුඩ් පුරයේ කොරෝනා ව්‍යාප්තිය තවදුරටත් ඉහළ ගොස් ඇති අතර, නැගී එන නිළි ආලියා බාත්ටත් කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තාවනවා.
සන්ජේ ලීලා බන්සාලිගේ නවතම චිත්‍රපටයේ රූගත කිරීම්වලට මුම්බායි හිදී සහභාගිවෙමින් සිටින විටයි ඇයට මෙලෙස වෛරසය ආසාදනය වී ඇත්තේ.
මේ වනවිට තමන් ස්වයං නිරෝධායනයට ලක්ව සිටින අතර, සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව කටයුතු කරන බවයි ආලියා බාත් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එක් කළ සටහනක දැක්වෙන්නේ.
ආලියා බාත්ගේ පෙම්වතා වන සිනමා නළු රන්බීර් කපූර්ටත් පසුගිය මාසයේ කොරෝනා වෛරසය ආසාදනය වූ අතර, එම අවස්ථාවේ ආලියා බාත්ට වෛසරය ආසාදනය වී තිබුණේ නැහැ.
මීට පෙර අමිතාබ් බච්චන් සහ ජය බච්චන්, ආර්. මාධවන්, අමීර් ඛාන්, රෝහිත් සරාෆ්, සිද්ධාන්ත් චතුර්වේදි, මනෝජ් බජ්පායි ඇතුලු බොලිවුඩ් සිනමා ශිල්පීන් රැසකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණා.
ඉන්දියාවේ කොරෝනා වෛරසය වැඩි වශයෙන් ව්‍යාප්ත වන්නේ මුම්බායි ඇතුළත් මහාරාෂ්ඨ ප්‍රාන්තය කේන්ද්‍ර කොටගෙනයි. මුම්බායි නගරයෙන් පමණක් ගතවූ පැය විසි හතර තුළ නව ආසාදිතයන් 8,646 ක් සහ මරණ 18 ක් වාර්තාවී තිබෙනවා.