ඉරානය අද මහ බලවතුන් සමඟ සාකච්ඡාවක

ඉරානය සිය න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් මහ බලවතුන් සමඟ අද වීඩියෝ තාක්ෂණය ඔස්සේ සංවාදයකට එක්වනවා.

ඒ අනුව චීනය, රුසියාව, ප්‍රංශය, ජර්මනිය සහ බි්‍රතාන්‍යය සමඟ එම සාකච්ඡාව පැවැත්වෙන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

2015 වසරේ ඉරානය මහ බලවතුන් සමඟ සිය න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ගිවිසුමකට එළඹුණා.

එම ගිවිසුමෙන් ඇමරිකාව ඉවත් කරගැනීමට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2018 වසරේ කටයුතු කළා. අද පැවැත්වෙන සාකච්ඡාවේදී ඇමරිකාව, ඉරාන න්‍යෂ්ටික ගිවිසුමට යළි එක් කරගැනීම පිළිබඳව අදහස් හුවමාරු කරගනු ඇති.