මැද පෙරදිග සිටින ලාංකිකයන් දෙදහසක් ‘රෝහල් පහසුකම් ඇති නැවකින් ලංකාවට ගෙනෙන යෝජනාවට’ වෙච්ච දේ

මැද පෙරදිග සිටින ශ්‍රී ලාංකිකයන් දෙදහසක් රෝහල් පහසුකම් සහිත නැවකින් මෙරටට ගෙන විත් නිරෝධායනය කර භාරදීමට පෞද්ගලික සමාගමක් කළ යෝජනාවක් කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

‘ඔපරේෂන් හෝම් කමින්’ නමින් වූ රෝහල් පහසුකම් ඇති නැවක් මගින් හම්බන්තොට වරායට මෙම පිරිස රැගෙන එන බවත් ව්‍යාපෘතිය වෙනුවෙන් මසකට රුපියල් කෝටි 38ක් (ඇමරිකානු ඩොලර් මිලියන දෙකක්) රජයෙන් ගෙවන ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සැප්තැම්බර් 02 වැනිදා යොමුකළ යෝජනාවේ සඳහන්.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මෙම ලිපිය ජනාධිපතිවරයා කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය වෙත යොමුකර තිබෙනවා.

දෙදහසක පිරිසක් ගුවන් මගින් රැගෙන ඒමට වැයවන්නේ රුපියල් කෝටි දහඅටක පමණ මුදලක් බවත් රජයට රුපියල් කෝටි දහඅටක් වැඩිපුර ගෙවීමට මෙමගින් සිදුවන බවත්පෙන්වා දෙමින් ​කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය මෙම ව්‍යාපෘතියට අනුමැතිය දීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය යටතේ හම්බන්තොට වරායේ නැව නතර කර තැබෙන කාලය කොවිඩ් ආසාදිතයන් නැවේ වූ වෙනමම කාමරවල ප්‍රතිකාරවලට යොමු කිරීමට යෝජනා වී තිබුණා.